“බිමල් නැතුව වෙන කෙනෙක්ව බැන්දා නම් මට වෙනදේ හිතාගන්නවත් බෑ...” - සුජානි තම විවාහය ගැන කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

“බිමල් නැතුව වෙන කෙනෙක්ව බැන්දා නම් මට වෙනදේ හිතාගන්නවත් බෑ...” - සුජානි තම විවාහය ගැන කියූ කතාව

“බිමල් නැතුව වෙන කෙනෙක්ව බැන්දා නම් මට වෙනදේ හිතාගන්නවත් බෑ...” - සුජානි තම විවාහය ගැන කියූ කතාව

බිමල් - සුජානි කියන්නෙ මෙරට කලා ක්ෂේත්‍රය තුළ නිතර කතාබහට ලක්වෙන ආදරණීය යුවළක්.

 

එයාකාරයෙන් කවුරු අතරත් ඔවුන් වඩාත් කතාබහට ලක්වෙන්න කලා කටයුතු සේ ම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේත් ලොකු හේතුවක්.

 

බිමල් - සුජානි 'ආදර කතාවට, ආදරේ කරනවුන්' සෑහෙන්න ඉන්නවා.

 

කලාව තුළ එකිනෙකාට සහයෝගය දක්වමින් යන සාර්ථක ගමනක් ඔවුන්ට තියෙන්නෙ. මේ ඒ ගැන සුජානි කියන කතාව...

 

''ඒක මම හිතන්නෙ අපි දෙන්නගෙ අවබෝධයෙන් වෙච්චි දෙයක්.

බිමල් රඟපාන්න කලින් තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරලා තියෙන නිසා ඔහුටත් අපේ වෘත්තිය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

මමත් පොඩි කාලේ ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මට තියෙන අවබෝධය එක්ක ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ.

මම අද මම ම වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ බිමල්ගෙන් ලැබෙන සහයෝගය නිසා.

ඔහුගෙන් තියෙන එකම කන්දොස්කිරියාව තමයි මම නිර්මාණ නොකර දීර්ඝ නිවාඩු ගන්න එකට.

මම ෆෝන් ආන්සර් නොකර ඉන්නකොට තමයි ඔහු කියන්නෙ එයා කියන්නෙ එහෙම කරන්න එපා එන චරිතේ හොඳ ද නරක ද කරන්න පුළුවන් ද බැරි ද කියලා හරි බලන්න කියලා.

මම ආන්සර් නොකළම ඒ ඇමතුම යන්නෙ බිමල්ටනේ. සුජානිව කන්ටැක් කර ගන්න බැලුවේ අපේ නිර්මාණයට, කෝ ෆෝන් ආන්සර් කරන්නෙ නැහැ නේ කියලා.

ඒ වගේ දේවලට මම බැණුම් අහනවා. ඒ හැර වෙන කිසිම දෙයකට එයා බණින්නෙ නැහැ.

මට හිතාගන්නත් බැහැ බිමල් නැතුව වෙන කෙනෙක් බැන්දානම් මට මොකක් වෙයිද කියලා.

එච්චරටම මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.''

 

උපුටාගැනීම - රසඳුන 

views

323 Views

Comments

arrow-up