ගෙවල් කුලීයක් නිසා ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ගෙවල් කුලීයක් නිසා ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වූ හැටි

ගෙවල් කුලීයක් නිසා ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වූ හැටි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිලිකොටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) දහවල් කාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මියගොස් ඇති පුද්ගලයා 52 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

 

ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මරණකරු විසින් පිරිමි පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවත්, ඉන් පසු පිරිමි පුද්ගලයා විසින් මරණකරු අත තිබූ තියුණු ආයුධය උදුරා ගෙන මරණකරුට එම තියුණු ආයුධයෙන්ම පහර දී ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

සැකකරු හා ඔහුගේ බිරිඳ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

149 Views

Comments

arrow-up