සමහරෙක්ට හොඳ වුණු, තවත් කෙනෙක්ට නොහොඳ වුණු කවුද මේ ක්ලබ් වසන්ත?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

සමහරෙක්ට හොඳ වුණු, තවත් කෙනෙක්ට නොහොඳ වුණු කවුද මේ ක්ලබ් වසන්ත?

සමහරෙක්ට හොඳ වුණු, තවත් කෙනෙක්ට නොහොඳ වුණු කවුද මේ ක්ලබ් වසන්ත?

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්ත' කොළඹ ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් වනවා..

 

ඔහුගේ වසන්ත නමට මුලින් කැරොකේ, ක්ලබ් නිපාත යෙදෙන්නට හේතුව ඔහුට කැරොකේ සහ රාත්‍රී සමාජ ශාලා කිහිපයක් තිබීමයි..

 

ක්ලබ් වසන්ත සිය ව්‍යාපාර දිවිය ආරම්භ කරන්නේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 'සන්හිල්' නැමති හෝටලයකින්.

 

ඔහු සිය ව්‍යාපාරය පටන් ගත්තේ පාසල් වියේදීයි.

 

එනම් වයස අවුරුදු 17 දී බව ඔහු මීට වසර කිහිපයකට පෙර පවසා තිබෙනවා.

 

ඔහුගේ ව්‍යාපාර ජීවිතයේ පළමු මංසලකුණ තබන්නේ නුවර එළියෙන්.

 

" මම නුවර එළියේ සන්හිල් හෝටලේ කාමර විස්සකින් පටන් ගන්නේ වයස අවුරුදු 17දීයි.. මට ජපන් භාෂාව සහ හෝටල් කළමනාකරණය ගැන ඉගෙන් ගන්න හම්බවුණු ශිෂ්‍යත්වයකින් ජපානයට ගිහින් ඉගෙන ගන්නා අතරේ මහන්සි වෙලා විවිධ රස්සා කළා.. ඒකෙන් හොයාගෙන ආපු සල්ලි ටික දාලා තමයි අවුරුදු විස්සේදී ඒ වගේ ලොකු වැඩක් කළේ.. අද මට කටුනායක, මීගමුව, කොල්ලුපිටිය, බොල්ගොඩ, ගල්කිස්ස සහ පාසිකුඩා ප්‍රදේශවල හෝටල් කිහිපයක්ම තියෙනවා.. මීට අමතරව වාහන, දේපොළ වෙළඳාම් ඇතුළු ව්‍යාපාර ගණනාවකට මගේ ව්‍යාපාර විහිදුවා තිබෙනවා.." ඒ වසන්ත එදා පැවසූ අයුරු..

 

1992 වසරේදී කාමර විස්සක සුඛෝපභෝගී හෝටලයක් පටන් ගත් ඔහු ඊට අවුරුදු 10ක් ගතවන විට එනම් 2012 දී කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවට පත්වුණා.

 

සුඛෝපභොගී ජීප් රථයක් සහ පරිවාර ලෑන්ඩ් රෝවරයකින් ගමන් කරමින් සිටි ඔහු පොලිස් රථ වාහන අංශයට බාදා කිරීමක් නිසා 2013 දී අත්අඩංගුවට පත්වු තිබුණා.

 

රටේ ඉහළම තැනක සහෝදරයෙකු සහ රටේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි පවසමින් පොලිස් රාජකාරියට බාධා කළ බවට ඔහුට චෝදනා එහිදී චෝදනා එල්ල වුණා.

 

වසන්තගේ නම මෙරට වඩාත් කතාබහට ලක් වූයේ කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසුවයි.

 

එහිදී වසන්ත කියා සිටියේ මධුෂ් තමාගේ මිතුරකු වන බවයි.

 

සෙල්ලක්කාර විනෝදකාමී ජීවිතයකට බර සැහැල්ලු දිවියක් ගත කළ වසන්ත රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ අයෙක්.

 

පසුගිය කාලයේ කරන කියන සෑම දෙයක්ම වීඩියෝ ගතකර සමාජ ජාලාවලට එක් කිරීම විනෝදාංශයක් කරගෙන සිටි වසන්තගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 06 කට ආසන්න පරිශීලකයින් පිරිසක් ද සිටිනවා.

 

දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියයන විට 55 හැවිරිදි වියේ පසුවුණා.

views

370 Views

Comments

arrow-up