මර්වින් සිල්වාගේ පුතා මාලක සිල්වා ඉතාලියේ ගෙවන ජීවිතේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

මර්වින් සිල්වාගේ පුතා මාලක සිල්වා ඉතාලියේ ගෙවන ජීවිතේ

මර්වින් සිල්වාගේ පුතා මාලක සිල්වා ඉතාලියේ ගෙවන ජීවිතේ

මාලක සිල්වා'... (ඒ 'ඔහු'..... මර්වින් සිල්වාගේ පුත්‍රයා.....)



'මර්වින් සිල්වා'ගේ පුත්‍රයා විටින් විට සමාජ මාධ්‍ය ඔස්සෙ කතාබහට ලක්වුණු චරිතයක්. (සමාජ මාධ්‍ය ජනප්‍රිය නොවුණු කාලෙකත් ඔහු ගැන 'විසිත්ත කාමරයේ' ඉඳන් ඔබ අනන්තවත් 'දේ' නරඹන්නට ඇති...)



'මාලක' වරක් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළට 'පහරදීමක්' සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වුණා. (ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමකුත් සිදු කෙරුණා.)



'ගෝඨාභය මහත්තයා කියලා තියෙනවා මට සුද්ද ගැහුවා කියලා නහය කැඩෙන්න. මම අහන්නේ මගේ නහය කැඩුණානම් එතකොට ඒක ඇවිල්ලා බරපතල තුවාලනේ. ඉතින් බරපතල තුවාල වෙච්ච මම ඇතුළට ගිහින් මාසයක්. ඒ මනුස්සයා තාම එක දවසක්වත් ඇයි ඇතුළට දැම්මේ නැත්තේ.' (ඒ සමයේ මාලය අදාළ සිද්ධිය ගැන මාධ්‍යයට‌ කියලා තිබුණේ එහෙම කතාවක්...)



කොහොම වුණත්, 'මාලක' නිසාම 'මහින්ද රාජපක්ෂ' සමඟ 'විරසක' වෙන්නත් මර්වින් සිල්වාට සිදු වූ බැව් රහසක් නෙවෙයි. (අවස්ථා ගණනාවකදී මර්වින්, මහින්ද රාජපක්ෂව විවේචනය කරමින් ඔහු විසින් කළ කී දෑ ද මාධ්‍ය ඔස්සේ හෙළිදරවු කර තිබුණා....)



වරක් ව්‍යාපාරිකයෙකුගේ 'කප්පම් ඉල්ලුවා' කියන චෝදනාව මතත් 'මාලක සිල්වා' පොලිස් අත්අඩංගුවට ගැණුනා.



එසේම මර්වින් සිල්වා සහ පුත්‍රයාගේ 'පැටිකරිය' ගැන කියමින්, වරක් ප්‍රසිද්ධ 'ගුවන් විදුලි මාධ්‍යයක්' ද අනාවරණය කිරීම් කිහිපයක් සිදු කර තිබුණා.



මේ මොන දේ වුණත් 'මාලක සිල්වා' මේ මොහොතෙත් සමාජ මාධ්‍ය ඔස්සෙ සක්‍රීයව ඉන්නවා. (දැන් ඔහු ඉන්නෙ ඉතාලි රටේ...)



හැබැයි අදටත් 'මාලක'ට මිනිස්සුන්ගේ එල්ල වන 'චෝදනා'වලින් හෝ 'උපහාස' වලින් ගැලවීමට නොහැකි ව තිබෙනවා.



ඒ 'කමෙන්ටු' වලට මේ විදිහට උත්තර දෙන්නත් මාලක සිල්වා අවස්ථා කිහිපයකදී කටයුතු කරලා තිබුණා.



ඇත්තටම සමහර comment කියවද්දී මට අපේ රටේ මිනිස්සු ගැන කලකිරෙනවා ! හොඳට මතක තියාගන්න!මඩ තියෙන අය මඩ වලින් ගැහුවට රත්තරං තියෙන අය රත්තරං වලින් ගහන්නෙ නෑ හරිද!'



'ඕක කියවන්න ඔයාට වගේ අපිට වෙලාවක් නෑ කරුණාකරලා කෙටියෙන් ලියන්න !ඔබතුමා ඔය වගේ ලොකු දේවල් ලියල කාලේ නාස්ති නොකර වැඩක් කරානම් ඉරිසියාව ඉබේම ඇරලා ඇයයි' (මාලක සිල්වාගේ ෆේස්බුක් සටහන්...)

views

426 Views

Comments

arrow-up