ස්පා ගිය මැදි වයසේ පුද්ගලයෙක් ස්පා එක ඇතුලෙම අවසන් ගමන් ගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ස්පා ගිය මැදි වයසේ පුද්ගලයෙක් ස්පා එක ඇතුලෙම අවසන් ගමන් ගිය හැටි

ස්පා ගිය මැදි වයසේ පුද්ගලයෙක් ස්පා එක ඇතුලෙම අවසන් ගමන් ගිය හැටි

මීගමුවේ පිහිටි සම්බාහන ආයතනයක (ස්පා) සේවය ලබා ගනිමින් සිටි මැදි වයස් පුද්ගලයකු හදිසියේ අසනීප වී මියගොස් ඇති බව මීගමුව මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රෝහණ ද සිල්වා මහතා පැවසීය.

 

මෙම සිද්ධිය වී ඇත්තේ මීගමුව පරණ හලාවත පාරේ ඇළ පාරට හැරෙන මංසන්ධියේ පිහිටි ස්පා ආයතනයකදී යග මූලික පොලිස් විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මෙම සිද්ධියේදී මියගිය වයස අවුරුදු 50 ක් පමණ වයසකින් යුතු අය සම්බාහන සේවය ලබාගැනීම සඳහා පැමිණ ඇත්තේ 4 දා රාත්‍රි කාලයේදී යග එහිදී හදිසියේ අසනීප වූ ඔහු ගිලන් රථයකින් මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ මීගමුව රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයිග මියගිය පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

 

 ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතග එම සිද්ධිය වන අවස්ථාවේ සම්බාහන ආයතනය තුළ සිටි එහි හිමිකරුගෙන් සහ සම්බාහන සේවිකාවන් තිදෙනාගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති අතර මීගමුව මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රෝහණ ද සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

views

522 Views

Comments

arrow-up