“ගැහැනු විතරක් නෙවෙයි, අපි හැමෝම මිනිස්සු, අපි හැමෝම වැටෙනවා” - උමාලිගෙන් හින්ට් එකක්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

“ගැහැනු විතරක් නෙවෙයි, අපි හැමෝම මිනිස්සු, අපි හැමෝම වැටෙනවා” - උමාලිගෙන් හින්ට් එකක්ද?

“ගැහැනු විතරක් නෙවෙයි, අපි හැමෝම මිනිස්සු, අපි හැමෝම වැටෙනවා” - උමාලිගෙන් හින්ට් එකක්ද?

උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.


හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.


ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

 

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

 

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

 

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

 

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.


පසුගියදා පැවති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනායි.

 

මේ පසුගිය දිනෙක උමාලි “වැටෙන අය” වෙනුවෙන් (ගැහැනු) කියපු වටිනා කියන කතාවක්.

“ගැහැනු විතරක් නෙවෙයි, අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම වැටෙනවා. වැටෙන වෙලාවට වැටෙන්න ඕන. වැටුණා කියලා දැනගන්න ඕන. උදව් කරන අය ඉඳිවී. පෙරළා උදව් බලාගෙන උදව් කරන අය ඉඳි. නමුත් මම හිතන්නෙ තමන්ගේ ඇතුළේ තියෙන ආත්ම ශක්තිය අවදි කරගන්න එකයි වැදගත්. තමන්ව හොයාගෙන අනුකරණය කරන එක තමයි අපි කරන්න ඕනෙ. හැම මොහොතක්ම අවංකව ජීවත් වෙන්න. එතකොට වැටුණත් එකයි’ අනිත් කට්ටියනේ අපිව උස්සලා තියෙන්නෙත් වට්ටන්නෙත් ඒ මිනිස්සුමයි. බාහිර දේට වඩා අභ්‍යන්තර දේයි වැදගත්. අභ්‍යන්තරය ශක්තිමත් කරගත්තොතින් ජීවිතේ මොන දේ වුණත් අපි සැලෙන්නෙ නෑ.”

views

189 Views

Comments

arrow-up