සජිත් දිනනවා කියා ඔට්ටු ඇල්ලූ ලොකු ලොක්කන්ට අවසානයේ සිදුවූදේ

මෙවර ජනාධිපතිවරණය මුල් කරගෙන ඡන්ද ඔට්ටු රැසක් ඇල්ලූ පුද්ගලයන් පිරිසක් විශාල මුදලක් දිනා තිබේ.
කතරගම, සෙල්ලකතරගම, තිස්සමහාරාම වැනි ප්‍රදේශවල ව්‍යාපාර සිදු කරන මෙම පිරිස් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මුල් කරගෙන මෙම ඡන්ද ඔට්ටු අල්ලා ඇත.
සෙල්ලකතරගම ව්‍යාපරිකයකු සජිත් ප්‍රේමදාස මහතා දිනන බවට ඔට්ටු අල්ලා ඇති අතර ඔහු සමග අනුර දිසානායක මහතා දිනන බවට ඔට්ටු ඇල්ලූ ව්‍යාපාරිකයකු ලක්ෂ 25ක් දිනා තිබේ.
ඒ ව්‍යාපරිකයා පැවසුවේ තමන් ඔට්ටු අල්ලා දිනූ රුපියල් ලක්ෂ 25 ක වියදම කර නිවසක් නැති පවුලකට නිවසක් ලබාදෙන බවයි.
මෙයට අමතරව කතරගම ප්‍රාදේශීය සභාවේ සිටි සභාපතිවරයකු ද ඔට්ටු අල්ලා රුපියල් ලක්ෂ 20ක පරාජය වී ඇත.
තිස්සමහාරාම ව්‍යාපාරිකයකු ලක්ෂ 15 ක්ද පරාජය වී ඇති අතර කතරගම ප්‍රදේශයේ හා සෙල්ලකතරගම ප්‍රදේශයේ පුද්ගලයන් රැසක් යතුරුපැදි, රන්මාල මුදල් වැනි දේවල් මෙම ඔට්ටුවට හිලවු කර ඔට්ටු අල්ලා තිබේ.
202 Views
Comments