හෙදියගේ පොකට්ටුවට විද්ද හෙදියගේ රජ ගේම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

හෙදියගේ පොකට්ටුවට විද්ද හෙදියගේ රජ ගේම

හෙදියගේ පොකට්ටුවට විද්ද හෙදියගේ රජ ගේම

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කල එම රෝහලේම හෙදියක  ඊයේ (26) දා අත්අඩංගුවට  ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි  32 හැව්රිදි හෙදියක බව පොලිසිය කීය.

 

පානදුර මූලික රෝහලේ රාජකාරි කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හෙදියක කල පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

 

ඉකුත් ජුනි 29 දා සිය මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවට ඇය පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සම්බන්දයෙන්  පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ සිදුකරන අතරතුර, තමා ඉල්ලුම් කල ණය මුදල ගිණුමට බැරවී ඇති බවට මූල්‍ය ආයතනයකින් පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබී තිබේ.

 

ඒ අනුව පානදුර පෞද්ගලික  බැංකුවක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී එම රෝහලේම තවත් හෙදියක පැමිණ පැමිණිලිකාර හෙදියගේ ලියකියවිලි ඉදිරිපත් කරමින් ගිණුම විවෘත කරන බව නිරීක්ෂණය කිරිමෙන් පසු සැකකාර හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඇයගෙන් කල ප්‍රශ්න කිරීමේදී සොරකම් කල මුදල් පසුම්බියේ තිබූ රියදුරු බලපතක් උපයෝගී කරගනිමින් සිම් කඩ්පත් දෙකක් ලබාගෙන එයද භාවිතා කරමින් ඔන් ලයින් ක්‍රමයට ණය මුදලක් ලබාගෙන ඇති බවට හෙලිව ඇති බව පොලිසිය කීය.

 

සැකකාරිය විසින් සොරකම් කල මුදල් පසුම්බිය සහ එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සහ නිවසේ යතුරක්ද සොයාගත් බව පොලිසිය කීය.

 

සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

views

413 Views

Comments

arrow-up