ඇත්තමට වුණේ මොකක්ද? - අභිරහසක් තියා සුපිරි හොලිවුඩ් නළුවා බිරිඳ සමඟ අවසන් ගමන් ගිය හැටි

ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මොවුන් දෙදෙනා මියගොස් සිටියදී ඔවුන් ගේ මළ සිරුරු, අමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ඔවුන්ගේ නිවසේදී සොයාගෙන ඇති බවය.
මියයන විට ජීන් හැක්මන් 95 හැවිරිදි වියෙහි පසු වූ අතර ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා 63 වැනි වියෙහි පසුවිය.
ජීන් හැක්මන්, දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සිය වෘත්තීය ජීවිතය තුළ, ඇකඩමි සම්මාන දෙකක්, බැෆ්ටා සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් දිනා ගැනීමට සමත්ව ඇත.
138 Views
Comments