“වගගොත හොය හොයා කාලේ නාස්ති කරන්නෙ, ඕකෙන් හිත රිදෙන්නෙ මගේ නෙවෙයි” - උමාලි මෙහෙම කියන්නෙ කාටද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

“වගගොත හොය හොයා කාලේ නාස්ති කරන්නෙ, ඕකෙන් හිත රිදෙන්නෙ මගේ නෙවෙයි” - උමාලි මෙහෙම කියන්නෙ කාටද?

“වගගොත හොය හොයා කාලේ නාස්ති කරන්නෙ, ඕකෙන් හිත රිදෙන්නෙ මගේ නෙවෙයි” - උමාලි මෙහෙම කියන්නෙ කාටද?

උමාලි තිලකරත්න කියන්නෙ නිතරම වගේ දකින්න පේන්න නොහිටියා වුණත් ගොඩක් විශිෂ්ට නිර්මාණ සහ සිනමා පට තුළිනුත් වේදිකා නාට්‍ය තුළින් පවා ප්‍රේක්ෂකයින් වෙතට සමීප වුණු කෙනෙක්. 

 

ඇය බොහෝම නිහඬ කෙනෙක් විදිහටත් නිහතමානී කෙනෙක් විදිහට ක්ෂේත්‍රය තුළ හොඳ නමක් දිනාගෙන ඉන්නවා.

 

තමන්ට ප්‍රේක්ෂකයින්ගේ ලැබෙන ආදරය ගැන ඇය පසුගිය දවසක මෙහෙම කතාවක් කියලා තිබුණා.

“ප්‍රේක්ෂකයෝ විවිධාකාරයි, නිරන්තරයෙන් ලැබෙන සුබාශිංසන වලට සහ ප්‍රතිචාරවලටත් ස්තුතියි. ප්‍රේක්ෂකයින්ට වගකීමක් තියනවා, නිර්මාණකරුවන්ගේ නිර්මාණ දිහා බලන්න.

 

වෙන වගගොත හොය හොයා කාලේ නාස්ති නොකර, මම පෙනී නොසිටින, මගේ සමාජ මාධ්‍යයක හෝ පළ නොවූ කිසිම තොරතුරක් විශ්වාස කරන්න එපා. ඒකෙන් හිත් පීඩාවට පත්වෙන්නෙ ඔබමයි. ” “නිලලත් උපදේශනය සහ මනෝ ප්‍රතිකාර නිලධාරිනයක් වෙන්න හිතාගන ඉන්නවා. සිනමාව හා රංගනය උගන්වන්නත් ආරාධනා ලැබී තියෙනවා.”

views

179 Views

Comments

arrow-up