“වයස හරි ගියාම මම මෙයාව බඳින්නම් සර්....” - මංගල්ලයකට පාර කැපු මුහුණු පොතේ අලකලංචිය

මුහුණු පොතින් හඳුනා ගත් දාහත් හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක්කර ඇය සතුව තිබූ රන්මාලය හා රන් පෙන්ඩනය රැගෙන ගිය පුද්ගලයකු උපක්‍රමශීලීව ගම්පොළ නගරයට ගෙන්වා අල්ලා ගැනීමට වෙලම්බොඩ පොලිසිය සමත් ව ඇත.
මව විදේශගත වීමෙන් පසු පියා හා මිත්තණිය භාරයේ දැරිය සිට ඇත.
මව නැති කාන්සිය මඟහරවා ගැනීමට මුහුණු පොතේ සැරිසරූ ඇයට බණ්ඩාරවෙල ප්‍රදේශයේ යැයි පැවසූ විසිතුන් හැවිරිදි අයකු හඳුනා ගැනීමට ලැබී තිබේ. මෙම හඳුනා ගැනීම ප්‍රේම සම්බන්ධයක් බවට පත්වී මාසයක් යාමට මත්තෙන් ඔහු ඇගේ නිවසට පැමිණ හමුවී ඇගේ මෙම රන්මාලය හා පෙන්ඩනය රැගෙන ගොස් තිබුණි.
මෙම සිද්ධිය දැනගත් පියා හා මිත්තණිය ගමේ සිටි සමාජ සේවක දැනමුතු අයකු වෙතින් මේ සඳහා උපදෙස් පතා ඇති අතර ඔහු මැදිහත් වී මේ බව වෙලම්බොඩ පොලිසිය වෙත දන්වා ඇත. වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණවර්ධන මහතා හා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගුණරත්න මහතා මේ සඳහා සැලසුමක් සකස් කරනු ලැබුවේ පදිංචියක් නොදත් මෙම ෆේස්බුක් පෙම්වතා නැවත ගෙන්වා ගැනීමටය. ඒ අනුව දැරිය මගින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී “ඉතිරි රන් බඩු ටික ඇරගෙන එන්නම්… අපි දෙන්නා කොහේ හරි යමු” යැයි යෝජනාවක් කර ඇත.
මේ පිළිබඳව කිසිත් නොදන්නා පෙම්වතා එයට එකඟවී දැරියට ගම්පොල නගරය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.
ඒ අනුව සිවිල් පොලිස් කණ්ඩායමක් හා ගමේ කිහිපදෙනකු ගම්පොළ නගරයේ ස්ථානගතව සිටියදී දැරිය ඔහු කිවූ ස්ථානයට තනිව පැමිණ සිටියද පැය කිහිපයක් යනතුරු ඔහු එහි නොපැමිණ දුරකථන ඇමතුම් දෙමින් දැරිය රැඳී සිටින ස්ථානය වෙනස් කොට තැන් තැන්වලට ගෙන්වා ගෙන තිබේ.
කෙසේ නමුත් පැය හතරක් පමණ දැරිය ගම්පොළ නගරයේ රස්තියාදු කර සිටියදී අවසානයේ දැරිය ඔහු දැක ඒ බව ගමෙන් පැමිණ සිටි අයට දැන්වීමෙන් පසු පොලිස් කණ්ඩායම ඔහු වට කර අල්ලාගෙන තිබේ.
ගැලවීමක් නොමැති බව දැනගත් විසිතුන් හැවිරිදි මෙම තරුණයා දැරියගේ වයස සම්පූර්ණ වූ පසු විවාහ වන බව පොලිසිය වෙත දන්වා ඇත. ඒ අනුව පොලිසිය ඔහුගේ ද මව්පියන් ගෙන්වීමට කටයුතු කර තිබේ.
බණ්ඩාරවෙල යැයි පැවසූ මොහු වැලිමඩ ප්‍රදේශයේ අයකු බව ද හඳුනාගෙන තිබේ. අවසානයේ රාත්‍රී 11ට පමණ එම දෙමව්පියන් වෙළෙම්බොඩ පොලිසිය වෙත පැමිණි අතර ඔවුන් ද එම විවාහය කරදීමට පොරොන්දු වී ඇත.
රැගෙන ගිය රන්මාලය ද මෙම මස 28 වැනිදා නැවත දැරියට ලබාදීමට පොරොන්දු වී ඇත. පොලිසිය මේ සඳහා ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කර තිබේ.
215 Views
Comments