“පවුලේ අය අත්පුඩි ගහවි හයියෙන්... ඔබ දිනුවම” - නිළි නයෝමි තක්ෂිලාගේ සැබෑවක් වුණු උපාධි සිහිනය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

“පවුලේ අය අත්පුඩි ගහවි හයියෙන්... ඔබ දිනුවම” - නිළි නයෝමි තක්ෂිලාගේ සැබෑවක් වුණු උපාධි සිහිනය (PHOTOS)

“පවුලේ අය අත්පුඩි ගහවි හයියෙන්... ඔබ දිනුවම” - නිළි නයෝමි තක්ෂිලාගේ සැබෑවක් වුණු උපාධි සිහිනය (PHOTOS)

'දැන ඉගෙන ගත්තම - තමයි කෙනෙකුගෙ වත්කම' කියලා කතාවක් අහලා ඇතිනෙ.

 

තමන් මොන ක්ෂේත්‍රය නියෝජනය කළත් එතන බැබළෙන්නෙ උගත්කමත් එක්ක නම්, එහෙම අයට හොඳ පැවැත්මක් තියෙනවා.

 

නයෝමි තක්ෂිලා කියන්නෙත් එහෙම තරුවක්.

 

ඇය ඇගේ තරු ගුණය සම්මානනීය තාරකාවක් හැටියටත්, උගත් ,නිහතමානී තාරකාවක් හැටියටත් බබළවන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්.

 

දකින දකින නිර්මාණයේ චරිතයක ඈ නැති වුණාට, රඟ දක්වන චරිතය තුළ උපරිමය ප්‍රේක්ෂකයින් ඉස්සරහට අරන් එන්න ඇය කැපවෙනවා. ඒ නිසාම තමයි ඈ ආකර්ෂණීය තාරකාවක් වෙන්නෙත්.

 

නයෝමි තක්ෂිලා සිය නමට තවත් වටිනාකමක් එක්කාසු කරගත් අපූරු සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.

 

 

මේ තමයි ඈ සැබෑවක් කරගත් උපාධි සිහිනය.

 

දරුවො හීන දිනනකොට වැඩියෙන්ම සතුටු වෙන්නෙ අම්මා තාත්තා.

 

මේ ඡායාරූප එකතුව කියන්නෙත් ඒ ආදරණීය කතාව ම තමයි...

 

''පවුල කියන්නෙම හයියක් !

පැරදුනාම වැරදුනාම පිටුපස්සෙන් හිටපු !

හරිගියාම,දිනුවාම ඉස්සරහින් හිට ගත්ත,සතුටු වුන !

ලෝකයේ කවුරු අත්පුඩි ගැහුවෙ නැතත්,

විශ්වාසයි තමන්ගේ අයට කියලා ඉන්න පවුලේ අය අත්පුඩි ගහවි හයියෙන්... ඔබ දිනුවම !

ඊටත් වඩා විශ්වාසයි ! නැතිවුනාම,වැරදුනාම මේ ආදරේ කවදාවත් ඔයාව අත්හරින්නෙ නැහැ !

අහස කියන්නේ අම්මා,තාත්තා,ලොකු අක්ක,චූටි අක්කා,අයියා නම්

දාහක් කැපකිරීම් ඇති එක තරුවක් බබලන්න අහස කරපු දේවල් අතර !''

 

 

 

views

10360 Views

Comments

arrow-up