කෘත්‍රිම බුද්ධියට එරෙහි ඓතිහාසික නඩුවෙන් අනිල් කපුර් ජය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

කෘත්‍රිම බුද්ධියට එරෙහි ඓතිහාසික නඩුවෙන් අනිල් කපුර් ජය ලබයි

කෘත්‍රිම බුද්ධියට එරෙහි ඓතිහාසික නඩුවෙන් අනිල් කපුර් ජය ලබයි

කෘත්‍රිම බුද්ධි පරිගණක මෘදුකාංගවලට එරෙහිව පැවැරූ නඩුවෙන් ජය ගැනීමට ජනප්‍රිය ඉන්දීය නළු අනිල් කපූර් සමත් විය.ජනප්‍රිය මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු අනිල් කපූර් නඩු පැවැරුවේ, සිය රූපය කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඇසුරින් සැබෑ ආකාරයට නිර්මාණය කර ජනප්‍රිය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

 

කෘත්‍රිම බුද්ධි මෘදුකාංග වැඩසටහන් සම්බන්ධයෙන් අධිකරණයක් මේ අයුරින් තීන්දුවක් ලබා දුන්නේ පළමු අවස්ථාව වන්නේ මෙය යැයි ද ඉන්දීය මාධ්‍යශ වාර්තා කර තිබේ.

 

චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක රඟපා ඇති අනිල් කපූර් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන්, දිල්ලි මහාධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබුණි. අනිල් කපූර්ගේ රූපය පමණක් නොව, කටහඬ සහ රංගන හැකියාව ද කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඇසුරින් නිර්මාණය කර තිබීම නඩු පැවැරීමට හේතුව විය.

 

අධිකරණය නියෝග කළේ අවසරයකින් තොරව, අනිල් කපූර්ගේ රුව, කටහඬ සහ රංගන හැකියාව කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකින් නිර්මාණයකිරීම වැරදි බවය. මින් ඉදිරියට, කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිත කරමින් රංගන ශිල්පීන්ගේ රංගන හැකියාව ‛සොරකම් කිරීම’ වළක්වා ගැනීමට අනිල් කපූර්ට ලබා දුන් තීන්දුව හේතුවක් වනු ඇතැයි ඉන්දීය  මාධ්‍ය වාර්තා කර තිබේ.

views

305 Views

Comments

arrow-up