ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ අසාමාන්‍ය පහළ යෑමක්

මේ වසරේ මුල් මාස දෙකේ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දහනව ලක්ෂ පනස් දෙදහස් නවසිය අනූ එකක් ලෙස වාර්තා වූ අතර, මේ වසරේ ජනවාරි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දහනව ලක්ෂ හතළිස් දෙදහස් දෙසිය හැත්තෑ දෙකක් වේ.
මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසය වන විට මෙම ප්‍රමාණය දහනව ලක්ෂ හතළිස් දහස් අටසිය හැත්තෑ දෙකක් දක්වා තවත් පහළ ගොස් ඇති බවයි.
මෙම කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය මේ වසරේ ජනවාරි අවසන් වන විට රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් හැට එකක් දක්වාත්, පෙබරවාරි අවසානයේ රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් එක්දහස් එකක් දක්වාත් අඩු වී ඇති බව මහ බැංකුව සඳහන් කර සිටී.
315 Views
Comments