අපනයන ආදායම් වැඩිවෙයි. ආනයන වියදම් අඩුවෙයි.
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

අපනයන ආදායම් වැඩිවෙයි. ආනයන වියදම් අඩුවෙයි.

අපනයන ආදායම් වැඩිවෙයි. ආනයන වියදම් අඩුවෙයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ කාලය තුළ අපනයන ආදායම් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

 

ඒ අනුව අපනයන ආදායම් 12.9% කින් වැඩිවී ඇති අතර එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 7,678 කි.

 

එසේම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අදාළ කාලසීමාව තුළ ආනයන වියදම් ද පහළ ගොස් ඇත.

 

එය 3.5% ක පහළ යෑමක් වන අතර එහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 11,315 කි.

 

ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වසරේ ජූලි මාසයේ දී ආනයන වියදම් 24.8% කින් පහළ ගොස් ඇති බවයි.

 

views

291 Views

Comments

arrow-up