2023 මාර්තු 29 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

2023 මාර්තු 29 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

2023 මාර්තු 29 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු විසින් අද දිනයේ නිකුත් කර ඇති විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙන බව වාර්තා වේ.

 

සම්පත් බැංකුවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 315.00 සිට රුපිය්ල් 318.00 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි විකුණුම් මිල රුපියල් 330.00 සිට රුපියල් 333.00 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.00 ක් ලෙස සටහන් වන අතර, එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 332.50 ක් ලෙසිනි.

 

එසේම, ලංකා බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද දිනයේ දී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.00 ක් වූ අතර, විකිණුම් මිල සටහන් වන්නේ රුපියල් 334.54 ක් ලෙස සටහන් වී තිබේ.

 

මහජන බැංකුවේ විනිමය අනුපාතයන් වෙනස් වී නොමැති අතර, ඊයේ දිනයේ පරිදිම අද දිනයේ ද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 313.52 ක් සහ විකිණුම් මිල රුපියල් 334.54 ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ.
 

views

349 Views

Comments

arrow-up