AUG
25
ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම පොලී සීමාවක්

උකස් පහසුකම් සඳහා වාර්ෂිකව උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව උකස් පහසුකම් සඳහා සියයට 18 ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීමට තීරණය කර ඇති අතර ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව සියයට 28 ක පොලි සීමාවක් පැනවීමටද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
මේ අතර නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 ක් ලෙසද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 ක් ලෙසද පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ.
532 Views
Comments