පෙරේදා අනුමත නොවූ බදු සහන නියමයට ඊයේ අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

පෙරේදා අනුමත නොවූ බදු සහන නියමයට ඊයේ අනුමැතිය

පෙරේදා අනුමත නොවූ බදු සහන නියමයට ඊයේ අනුමැතිය

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට පෙරේදා (03) දින අවසර හිමි නොවූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊට නිසි විශ්ලේෂණයක් ලබානොදීම හේතුවෙනි.

 

කෙසේ නමුත් ආයෝජන මණ්ඩලය නිසි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ ‍(04) පෙරවරුවේ රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව බදු සහන නියමයට අවසර ලබා දී තිබේ.

 

ආයෝජනය සිදුකරන සමාගමට වසර 17ක කාලයක් බදු සහන ලබා දීමේ පදනම නිවැරදිව විශ්ලේෂණය කළ යුතු බවත් ආයෝජනයේ ප්‍රමාණය අනුව මෙම ලබාදෙන බදු සහන තීරණය කෙරෙන නිසි ප්‍රතිපත්තියක් ඉදිරියේදී සකස් වියයුතු බවත් කාරක සභාව පෙන්වාදී තිබේ.

 

views

301 Views

Comments

arrow-up