OCT
07
විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉහළට

පසුගිය මාසය තුළ දී විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේරණ අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 325ක් වූ බවත් සැප්තැම්බර් මාසයේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 359ක් දක්වා මෙසේ ඉහළ ගොස් ඇති බවත් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
මෙම වැඩිවීම 2022 අගෝස්තු මාසයේ දී ලැබුන මුදලට සාපේක්ෂව 10% ක වැඩි වීමක් වන අතර එය පසුගිය ජූලි මාසයට සාපේක්ෂව 29% ක වැඩි වීමකි.
326 Views
Comments