අවුරුදු දෙකක් පුරා රජය හිතේ හැටියට ණය ගත් හැටි මහ බැංකුව හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

අවුරුදු දෙකක් පුරා රජය හිතේ හැටියට ණය ගත් හැටි මහ බැංකුව හෙළි කරයි

අවුරුදු දෙකක් පුරා රජය හිතේ හැටියට ණය ගත් හැටි මහ බැංකුව හෙළි කරයි

පසුගිය වර්ෂයේ (2022) ශ්‍රී ලංකා රජය ලබාගත් සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7928.7 කින් (රුපියල් කෝටි 792,870 කින්) ඉහළ ගොස් තිබේ.

 

මේ අනුව 2021 වර්ෂය අගදී වාර්තා වූ රුපියල් බිලියන 17589.4 ක්වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය පසුගිය වර්ෂය (2022) අග වනවිට රුපියල් බිලියන 25518.1 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ණය තුළ අන්තර්ගත දේශීය ණය ප්‍රමාණය 2021 වසර අගදී පැවති රුපියල් බිලියන 11097.2 සිට 2022 වසර අග වනවිට රුපියල් බිලියන 13731.9 දක්වා ඉහළ ගොස් ඇති බවද, මුළු විදේශ ණය ප්‍රමාණය 2021 වසර අගදී පැවති රුපියල් බිලියන 6492.2 සිට රුපියල් බිලියන 11786.2 දක්වා ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කොට සිටී.

views

380 Views

Comments

arrow-up