JUL
10
ඉහළ පහළ යන රන් මිල

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්නුම්කරයි.
පසුගිය සිකුරාදා දිනය තුළ මෙරට ඩොලරයක ගැනුම් මිල රුපියල් 302ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 317 ලෙසත් සටහන් වීම තුළ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිල ගණන් ඉහළ යෑම ද මෙරට රන් මිල කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 150,800ක් ලෙස රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර කැරට් 24ක රන් පවුමක් රුපියල් 163,000 දක්වා ඉහළ ගොස් තිබේ.
352 Views
Comments