ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය මුදලක් අනුමත කර තිබේ.
මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා සහාය වීමට ලබා දී ඇති අතර ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ණය මුදලෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම ණය මුදල මෙයයි.
ශ්‍රී ලංකාවට අදියර කිහිපයක් යටතේ සහාය ලබා දෙමින් ආර්ථිකය ස්ථාවර කිරීමටත්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමටත් සහ දුප්පතුන් මෙන්ම අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම කෙරෙහිත් උපාය මාර්ගිකව අවධානය යොමු කිරීමට ලෝක බැංකුව කටයුතු කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් මහතා ප්‍රකාශ කර ඇත.
321 Views
Comments