ආහාර උද්ධමනයෙන් ලංකාව ලොව සිව්වන ස්ථානයට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

ආහාර උද්ධමනයෙන් ලංකාව ලොව සිව්වන ස්ථානයට

ආහාර උද්ධමනයෙන් ලංකාව ලොව සිව්වන ස්ථානයට

ලෝකයේ ආහාර උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව ලොව සිව් වන ස්ථානයට පත්ව තිබේ.

 

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මේ බව ප්‍රකාශ කරයි.

 

ලෝක බැංකුව විසින් පසුගිය සැප්තැම්බර් 15 වනදා නිකුත් කරන ලද දත්ත මත පදනම්ව මහාචාර්යවරයා මෙම වාර්තාව නිකුත් කර ඇත.

 

එයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 91% ක ප්‍රතිශතයකි

 

මෙම ලයිස්තුවේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේ රාජ්‍යය ද දෙවන ස්ථානය ලෙබනනය ද තෙවන ස්ථානය වෙනිසියුලාව ද හිමිකර ගෙන ඇත.

 

 

views

289 Views

Comments

arrow-up