ඔන්ලයින් බිස්නස් කරන අයටත් ආණ්ඩුවෙන් රතු එළියක් - ඉදිරියේදී වෙන දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ඔන්ලයින් බිස්නස් කරන අයටත් ආණ්ඩුවෙන් රතු එළියක් - ඉදිරියේදී වෙන දේ මෙන්න

ඔන්ලයින් බිස්නස් කරන අයටත් ආණ්ඩුවෙන් රතු එළියක් - ඉදිරියේදී වෙන දේ මෙන්න

පාරිභෝගික සේවා අධිකාරිය විසින් මාර්ගගත අලෙවිකරණයේ යෙදී සිටින සියලුම වෙළෙඳුන් පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

 

ගෘහ භාණ්ඩ, දුරකථන සහ උපාංග, පිරිසිදුකාරක, සපත්තු, මුලුතැන්ගෙයි උපකරණ හා උපාංග සහ මෙට්ට, නිමි ඇඳුම් මෙන්ම ජාල අලෙවිකරණයේ යෙදී සිටින සියළුම වෙළෙඳුන් මෙසේ ලියාපදිංචි විය යුතු වෙයි.

 

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ වෙළෙන්දාගේ ලියාපදිංචි ලිපිනය පදනම් කරගෙන ව්‍යාපාර නාම ලියාපදිංචි අංකය හෝ සමාගම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කර රුපියල් 25,000 ක මුදලක් ගෙවා පාරිභෝගික කටයුතු අධිකාරියේ වෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචි විය යුතු බවයි.

 

එමෙන්ම, කිසියම් භාණ්ඩයක් අලෙවි කිරීමේදී මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික ආකෘතියක් කුවිතාන්සියක් හෝ බිල්පතක් පාරිභෝගිකයන් වෙත නිකුත් කළ යුතු බව ද මෙම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 

තවද කිසියම් භාණ්ඩයක් අලෙවිය, ප්‍රවර්ධනය කිරීම හෝ ප්‍රචාරණය කිරීමේදී ව්‍යාපාර හෝ වෙළෙඳ නාමය, වෙළෙන්දාගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය, නිෂ්පාදනයේ ස්වභාවය, භාවිතා කිරීම පිළිබඳ උපදෙස්, වගකීම් කාලය, විකුණුම් මිල, ණය ගෙවීම් හෝ වාරික ගෙවීම් ක්‍රම, පහසු ගෙවීම් ක්‍රම පිළිබඳ විධාන සහ අලෙවියෙන් පසු සේවා පිළිබඳ තොරතුරු වෙළෙඳ දැන්වීමේ ඇතුළත් විය යුතු අතර, විද්‍යුත් හෝ වෙනත් යම් මාධ්‍යයක් හරහා ප්‍රවර්ධනය හෝ ප්‍රචාරණය කිරීමේදී පාරිභෝගියෙකු රවටන හෝ නොමඟ යවන යම් ප්‍රකාශයක්, ලිපිනයක් හෝ ලිපිනයක තොරතුරු ඇතුළත් කිරීම ප්‍රදර්ශනය කිරීම සහ එවැනි ඡායාරූප හෝ වීඩියෝ පට භාවිතා කිරීමද තහනම් වන බව මෙහි සඳහන් වේ.

 

එසේම මෙම ගැසට් නිවේදනයට අනුව කිසියම් භාණ්ඩයක් අලෙවියට පෙර පාරිභෝගිකයෙකුට හෝ වෙනත් අයෙකුට සුචිගත ආකෘති පත්‍රයක් ලබා දෙන්නේ නම් එම ආකෘතිපත්‍රයට, වගකීමේ හෝ ප්‍රතිඥාභාරයේ කොන්දේසි, අලෙවියෙන් පසු සේවා පිළිබඳ විස්තර සහ සීමා, වගකියන තැනැත්තාගේ නම, ලිපිනය සහ වගකීම් සහතිකය, බලාත්මක වන කාල සීමාව, සමාගමේ සහ විකුණුම්කාර වෙළෙන්දා ගේ සම්පූර්ණ නම ස්ථිර ලිපිනය විද්‍යුත් තැපැල් ලිපිනය කියවිය හැකි සහ තේරුම් ගත හැකි පරිදි පැහැදිලිව ඇතුළත් විය යුතු වේ.

 

තවද පාරිභෝගිකයෙකු විසින් සිදුකරන ලද යම් ඇනවුමක් දින 07 කාලයක් තුළ අවලංගු කිරීමේ හිමිකම සහතික විය යුතු බවද එහි දැක්වේ.
 

views

399 Views

Comments

arrow-up