ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණන්න තවත් වසරක් ගතවෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු 49.5% ක කොටස් අලෙවි කිරීම සඳහා වසරක පමණ කාලයක් ගත වනු ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ටෙලිකොම් සමාගම සතු කොටස් අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් කොටස් අලෙවිය සඳහා ගණුදෙනුකරුවන් මේ වනවිට හඳුනාගෙන නොමැති අතර ඒ සඳහා වැඩි කාලයක් ගත වන බව ෆිච් රේටින්ග්ස් ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මෙරට පාඩු ලබන සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි යටතේ මෙලෙස ටෙලිකොම් සමාගම සතු කොටස් අලෙවි කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ. ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, මේ වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ආදායම් යම් අඩුවක් දක්නට ලැබෙන බවයි.
ඊට හේතුව වී ඇත්තේ ආර්ථික අර්බුදයත් සමග ජනතාව සන්නිවේදන අවශ්‍යතා වලට වඩා වැඩි මුදලක් වෙනත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා වියදම් කිරීම බව වාර්තා වේ. පසුගිය වසර වලට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පාරිභෝගිකයන්ගේ ද අඩුවක් දක්නට ලැබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
271 Views
Comments