උද්ධමනය නිසා වැටුපට වුණ දේ. ඇත්තටම වැටුප වැඩි උනාද?

මෙරට අවිධිමත් ක්ෂේත්‍රයන්වල වේතන නාමික වශයෙන් ඉහළ ගියත් උද්ධමනය හමුවේ එම වේතන සැබෑ ලෙස ම පහත වැටීමකට ලක්ව ඇත.
ECONOMY NEXT වෙබ් අඩවිය මේ බව අනාවරණය කරයි.
පසුගිය ජුනි මාසයේ සිට ගතවූ වසරක කාලය තුළ නිල දත්ත ඇගැයීමක් මගින් ECONOMY NEXT අඩවිය මේ බව අනාවරණය කරයි.
එම වාර්තාවට අනුව,
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නාමික වේතන 2022 ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ 28% කින් ඉහළ ගොස් තිබුණ ද සැබෑ වේතන 11% කින් පහත වැටී ඇත.
අවිධිමත් කර්මාන්ත ක්ෂේත්‍රයේ වේතන 26% කින් ඉහළ ගොස් තිබුණත් උද්ධමනය හමුවේ සැබෑ වේතන 20% කින් පමණ පහත වැටී ඇත.
එසේම අවිධිමත් සේවා අංශයේ වේතන 30% කින් ඉහළ ගොස් තිබුණත් උද්ධමනය හමුවේ සැබෑ වේතන 17.9% කින් පහත වැටී ඇත.
රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳ යාවත්කාලීන කළ නිල දත්ත නොතිබුණත් ජනවාරි මාසයේ ඉහළ නැංවූ වැටුප් වලට සාපේක්ෂව සැබෑ වැටුප් 26% කින් පමණ පහත වැටී ඇත.
267 Views
Comments