GSP+ තීරුබදු සහනය ගැන විශේෂ තීන්දුවක් හෙට

යුරෝපා සංගමයේ GPS+ තීරු බදු සහනයට අදාල නව රෙගුලාසි හෙට (09) දින ප්‍රකාශයට පත් කෙරෙන බව වාර්තා වේ.
හෙටට යෙදී ඇති යුරෝපා සංගම් හා ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වෙනි සැසිවාරයේදී මෙම නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටී.
මෙම අවස්ථාව සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් එහි විදේශ ක්‍රියාකාරී සේවාවේ ආසියා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය සහභාගී වන අතර, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේතිලක මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණ බව සඳහන් වේ.
345 Views
Comments