වාහන අමතර කොටස් මිලේ දැවැන්ත ඉහළ යාමක්

මේවනවිට වාහන අමතර කොටස්වල මිල 300% කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑම හේතුවෙන් වාහන හිමියන් සහ වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
අමතර කොටස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට බැංකුවට නොහැකි වීම හේතුවෙන් දැඩි හිඟයක් පවතින බව කොළඹ පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවන් පවසයි.
කෙසේ වෙතත් ඩොලරය අවප්‍රමාණය වීම නිසා ආනයන කරන අමතර කොටස් මිල ද කීපගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, ජපානයේ නිෂ්පාදිත නමගිය වාහන නාමයන්වල නව වාහනවල අමතර කොටස්වල ද විශාල හිඟයක් ඇති බවත්, අදාල සමාගම් ආනයනය කරන අමතර කොටස් පිටතට නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.
මීට මාස හයකට පමණ පෙර රුපියල් 12,000 ත් 15,000 ත් අතර මිලක පැවැති එන්ජින් මවුන්ට් එකක් මේ වන විට රුපියල් 45,000 ත් 50,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාහනයකට එන්ජින් මවුන්ට් තුනක් හෝ හතරක් ඇති බවත් යුරෝපා රටවල්වල වාහනවල අමතර කොටස්වල එතරම් හිඟයක් නොමැති වුවත්, බහුලව භාවිතා කරන ජපන් නව සහ පැරණි වාහනවල අමතර කොටස්වල දැඩි හිඟයක් මෙන්ම විශාල මිල ඉහළ යෑමක් දැකිය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටී.
287 Views
Comments