අමානා බැංකුවෙන් බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

අමානා බැංකුවෙන් බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර

අමානා බැංකුවෙන් බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර

පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බ්‍රවුන් ලේබල් ස්වයං සේවා යන්ත්‍ර (Brown Label SSD) සංකල්පය ශ්‍රී ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන සතු ස්වයං සේවා මුදල් යන්ත්‍ර (SSD) සඳහා කළමනාකරණ සේවා සපයන ප්‍රමුඛතම ආයතනය වන ඒබී සිකුරිටාස් පෞද්ගලික සමාගමේ උප සමාගමක් වන ඒබී කෑෂ් මැනේජ්මන්ට් සර්විසස් සමාගම, ප්‍රමුඛතම දේශීය බැංකුවක් වන අමානා බැංකුව සමග එක්ව හඳුන්වාදෙන ලදී.

 

මෙම නව ව්‍යාපෘතිය සඳහා වන පස් අවුරුදු ව්‍යාපෘති ගිවිසුමට අත්සන්තැබීම නොබෝදා අමානා බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ අතර ආයතන දෙකෙහි කළමණාකාර අධ්‍යක්‍ෂකවරුන් දෙපළ විසින් මීට අත්සන් තබන ලදී. මේ සම්බන්ධ නියමු ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරන ලද්දේ කන්තලේ, තෝප්පුර් නගරයේදී ය. දැනට සපයන මූල්‍ය යන්ත්‍ර කළමණාකාර හා නඩත්තු සේවාව තවදුරටත් පුළුල් කරමින්, සියලුම මූල්‍ය යන්ත්‍ර, සීසීටීවී හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික ආරක්ෂණ පද්ධති, ඒසී පද්ධතිය,අඛණ්ඩ විදුලි සැපයුම් පද්ධතිය හා ආරක්ෂක නිලධාරීන් යන ස්වයං සේවා බැංකුකරණය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර, උපාංග සහ සේවා සියල්ලම සපයමින් ඒබී සිකුරිටාස් සමාගම විසින් මෙම සේවාව දියත් කරන ලදී.

views

289 Views

Comments

arrow-up