මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමටය.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම තීරණය 2023.02.22 වන දින ඔවුන් වෙත දැනුම්දී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
මහා බැංකුව මෙම තීරණය ගෙන ඇති බවට පවසන්නේ 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් බව සඳහන් කරයි.
ඒ අනුව, තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා අවසර නොමැති වේ.
ශ්‍රී ලංකා මහබැංකුව ජනතාව වෙත නිකුත් කළ අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී සිටින්නේ එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදීගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවයි.
2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන පහළින් සඳන් වේ.
354 Views
Comments