රාජ්‍ය වියදම් පාලනය කිරීම ගැන විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

රාජ්‍ය වියදම් පාලනය කිරීම ගැන විශේෂ නිවේදනයක්

රාජ්‍ය වියදම් පාලනය කිරීම ගැන විශේෂ නිවේදනයක්

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අය වැය චක්‍ර ලේඛනයට අදාළව රාජ්‍ය වියදම් පාලනය කිරීම සම්බන්ධයෙනි.

 

පවතින අයහපත් හා අනපේක්ෂිත ආර්ථික තත්ත්වය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් මතුව ඇති දැඩි දුෂ්කරතා පිළිබඳව මේ දක්වා නිකුත් කරන ලද අයවැය චක්‍රලේඛ මඟින් දැනුවත් කර ඇති බව ද එම දුෂ්කරතා මගහරවා ගැනීමට ගත යුතු පියවර මේ වන විටත් දැනුම් දී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

 

එසේම මෑතක දී කරන ලද බදු ශ්‍රී සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍යම රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සදහා පමණක් අක්මුදල් නිදහස් කිරීමට  අමාත්‍ය මණ්ඩල තීරණ මගින් උපදෙස් ලැබී ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්වේ.

 

views

287 Views

Comments

arrow-up