කවියක් වගේ චිත්‍රපටයක්

මේක ටිකක් විදියේ වෙනස් ආකාරයේ කොරියානු සිනමාපටයක්. එහෙම කියන්නේ ඇයි දන්නවද, කොරියානු සිනමාපටයක් වුනත් මේකට පාදක වෙන්නෙ බෞද්ධ දර්ශනය නිසා. වැවක පාවෙන පන්සලක් වටා ඒ පන්සලේ ජීවත් වන හාමුදුරු නමක් හා සාමණේර නමක් වටා චිත්‍රපටයේ කතාව දිව යනවා. මේ චිත්‍රපටය හරිම හිමින් හරිම අපූරුවට ගලාගෙන යන කවියක් වගේ සිනමාපටයක් විදියටත් හඳුන්වන්න පුලුවන්.
2003 වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටය අයත්වන්නේ ආදර හා නාට්‍යය කියන කාණ්ඩ වලට. චිත්‍රපටය පැය 01 යි මිනිත්තු 45 ක ධාවන කාලයකින් යුක්ත යි. IMDb දර්ශකයේ 8/10 ක ඉහළම අගයක් ලබාගන්න මේ චිත්‍රපටය ට පුළුවන් වෙලා තියනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kim Ki-duk විසින්. ඩොලර් මිලියන 9.53 ක බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවන්න මෙයට හැකිවුණා.
529 Views
Comments