දැන් ඉතිං අපි වෙන්වෙමු.

මෙම කතා මාලාවේ සොන්ග් හ්යෙ ක්යෝ විසින් හා යොන්ග් යුන් ලෙසද ජන්ග් කි යොන්ග් විසින් යුන් ජේ ගුක් ලෙස හා චෝයි හී සෝ විසින් හ්වන්ග් චි සුක් ලෙස චරිත නිරූපණය කරනු ලැබේ.
හා යොන්ග් යුන් කියන්නෙ කන්ග් ජන්ග් ජා සහ හා ටෙක් සූගෙ වයස 38 වෙන රූමත් දුව. මෙයා ‘ ද වන් ‘ කියන විලාසිතා ආයතනයේ මෝස්තර නිර්මාණ අංශයේ කණ්ඩායම් නායිකාව. අපේ කතා නායිකාව බුද්ධිමත්, රූමත්, ස්වයං විනයක් තියෙන ඒ වගේම ට්‍රෙන්ඩි කාන්තාවක්.
ඒ වගේම මෙයා ආදරණිය ගති නැති ස්ථාවරත්වයට මුල් තැන දෙන කාන්තාවක්.
යුන් ජේ කුක් කියන්නෙ 32 හැවිරිදි ප්‍රසිද්ධ ෆ්‍රීලාන්සර් විලාසිතා ඡායාරූප ශිල්පියෙක්. අපේ කතා නායකයා බුද්ධිමත්, ධනවත් වගේම කඩවසම් පෙනුමක් තියෙන කෙනෙක්.
ඉතින් Now we are breaking up කියන්නෙ ආදරයෙන් බැදෙමින්, වෙන්වෙමින් හීනයක් වගේ ගලාගෙන යන මෙයාලගෙ ආදර කතාවයි.
389 Views
Comments