SpaceX රැකියාවක් හිමි වූ අවුරුදු 14 ක දරුවා

කයිරාන් ක්වාසි නම් 14 වියැති පිරිමි දරුවාට ඊලෝන් මස්ක්ගේ SpaceX සමාගමේ රැකියාවක් හිමි වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ඔහු මේ වන විටත් සිටින්නේ කැලිෆෝර්නියාවේ සැන්ටා ක්ලාරා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව සිය උපාධිය අපේක්ෂාවෙනි.
ක්වාසි, සැන්ටා ක්ලාරා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබූ ලාබාලතමයා වීමේ වාර්තාවද තබා ඇත.
පාසල් අවධියේ තුන වසරේ පසුවද්දී කළ පරීක්ෂණ මඟින් සාමාන්‍ය ජනතාවට සාපේක්ෂ ව 99.9% ක බුද්ධියක් ඔහු සතු බව හෙළි වූ බව BrainGain සඟරාව සඳහන් කරයි.
පසුගිය දිනෙක ඔහු SpaceX සමාගමේ රැකියාවක් සඳහා තොරාගැනුණි. ඒ එහි අන්තර්ජාල සැපයුම් සේවාව වන Starlink ව්‍යාපෘතියට අනුයුක්ත ව යි. ජූලි මාසයේ සිට ඔහු නව රැකියාව සඳහා වාර්තා කිරීමට නියමිතයි.
358 Views
Comments