දිය යට සංගීතයක් රස විඳිමුද?

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩාවේ පැවත්වෙන ‘ෆ්ලොරීඩා කීස්’ දිය යට සංගීත උත්සවය ලොව පුරා කිමිදුම් කරුවන්ගේ හා සංගීත ලෝලීන්ගේ නොමඳ කැමැත්තට ලක් වූ උත්සවයකි.
මෙය සංවිධානය කරන යූ.එම්.එෆ් සමාගමේ නිර්මාතෘ බිල් බෙකර් වර්තමානය වන විට මෙය නව මානයකට ගෙන ගොස් තිබේ. මෙහි අභිප්‍රායය වන්නේ ප්‍රදේශයේ කොරල් පර ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රජාවගේ අවධානය යොමු කිරීම යි.
මෙම උත්සවය වසර 25 ක් තිස්සේ සෑම වසරක ම ජූලි මස දී ෆ්ලොරීඩාවේ ලූ කී කොරල්පරය ආශ්‍රිතව, දිය යට පැවැත්වෙන අතර, එහි පැමිණෙන සිය ගණනක් කිමිදුම් කරුවන් ඊට සහභාගී වේ.
මෙහිදී තෝරා ගත් ගීත සහ සංගීත ඛණ්ඩ දිය යට සවි කළ ශබ්ද ජනන යන්ත්‍ර ඔස්සේ අවකාශයට මුදා හැරෙන අතර, එම ගීත බොහොමයක් සමුදුර පිළිබඳ තේමා රැගත් ඒවා වේ.
මීට අමතරව ප්‍රදේශයේ කිමිදුමට ළැදි සංගීතඥයින්, ගායකයන් දිය යට කිමි ද, තමන් ගීත ගායනා කිරීම හා සංගීත භාණ්ඩ වාදනය කරන ආකාරය හුවා දක්වමින්, උත්සවයට සහභාගී වන්නන් හට සිත්කලු දර්ශනයක් මවාපායි.
487 Views
Comments