සුභ අසුභ පෙරනිමිති

පෙර නිමිති සුබ පෙර නිමිති අශුභ පෙර නිමිති වශයෙන් දක්වයි. පෙර නිමිති කොටස් කීපයකට වර්ග කර ඇත. ඒ අතර පුද්ගලයන්ගෙන් ඇතිවන පෙර නිමිති තිරිසන් සතුන් මුල්කරගෙන ඇතිවන පෙර නිමිති විවිධ ශබ්ද මුල්කරගෙන ඇතිවන පෙර නිමිති ආදියයි.
පුද්ගලයන් සම්බන්ධ පෙර නිමිති අතර අවි ආයුධ රැගෙන එන පුරුෂයන් සහ ස්ත්රීන් යාචකයන් වඳ ස්ත්රීන් හිස මුඩුකළ මහණුන් සහ බමුණන් පපුවේ රෝම නැති පිරිමින් කෙස් කඩා දමා යන ස්ත්රීන් ආබාධිතයන් දරමිටි හිස තබාගත් ස්ත්රීන් හිස් භාජන හිස් කළගෙඩි රැගෙන යන කාන්තාවන් වැන්දඹු කාන්තාවන් උමතු හෝ රෝගී ස්ත්රීන් හෝ පුරුෂයන් ආරක්ෂක නිලධාරීන් මළගෙදරක යන අය කට දෙකොන කෙළ ඇත්තවුන් නීතිවිරෝධී වැඩවල යෙදෙන්නන් ආදිය අසුභ නිමිතිවේ. තවද ගැරඬියන් නයි වැනි සර්පයන් පාර හරහා මාරුවීම කළු බල්ලෙක් ඉදිරියෙන් දිවීම කබරයන් බල්ලන් ගැරඬින් පොරකෑම බළලුන් පොර කෑම සතුන් සංසර්ගයේ යෙදීම බොහෝ අසුබ පෙර නිමිති වෙයි. මළ සිරුරු රැගෙන එන මිනිසුන් සෙම් සොටු අසූචි කැඩුනු වාහන කළු රතු නිල් රෙදි සහ තිර පෙර මග ඇතිව අශුභයි. ගමනක් ආරම්භ කිරීමේදී මළ බෙර හඬ බල්ලන්ගේ උඩුබුරලෑම බල්ලන් කන්පට ගැසීම කිවිසුම් යාම කෑරලා කෑ ගැසීම නරියන් හූ කීම හූනන් හැඬීම පොල්කිච්චන් කෑගැසීම කලහකාරී ශබ්ද විලාප හඬ ආදිය අශුභ හඬ වෙයි. මෙවැනි නිමිත්තක් දුටුවිට ගමන නවත්වා ආපසු නිවසට පැමිණ වතුර පානය කර නැවත ගමන ආරම්භ කිරීම සිරිතකි.
පුද්ගලයන් සම්බන්ධ සුභ නිමිති වන්නේ රූමත් කාන්තාවන් ප්රිය වදන් තෙපලන්නන් ඉදුනු පලතුරු රැගෙන එන පුරුෂයන් හෝ ස්ත්රීන් අනාචාරයේ හැසිරෙන ස්ත්රීන් මඟුල් ඇඳුමින් සැරසුන අය කිරිදෙන මව්වරුන් ප්රභූවරුන් උසස් කුලවන්තයින් ජ්යෝතිෂ්යවේදීන් පොත් පත්තර ලියුම් බෙදන අය පොල්මල් පුවක් මල් අතින් ගත් අය සතුටින් සිනහවෙන් සිටින අය, කිරි රැගෙන එන අය මල් වට්ටියක් අතින් ගත් අය වතුර පිරි කළයක් හෝ භාජනයක් රැගෙන එන අය ආහාරපාන රැගෙන එන අය සුබ නිමිති ලෙස දැක්වේ. ගමනක් ආරම්භ කරන මොහොතේදී වසුපැටවුන් එළදෙනුන් හිතවත් සුනඛයින් අශ්වයන්, පෝනියන්, සුදුපාට කුකුළන් මුගටින් එළුවන් ආදී සතුන් ආදී සතුන් ඉදිරියට ඒම සුබ නිමිතිවෙයි. ගමනක් යාමට සැරසෙන විට කුකුළෙක් හැඬීම ලේනුන් කෑගැසීම කුඩා දරුවකු සුරතල් වචන කථා කිරීම සාදු නාද ආදිය ඇසීම ගමන සාර්ථක වීමට හේතුවෙයි.
by Dilki Shamani
2526 Views
Comments