ජපනුන්ගේ ආහාර එක්ක බැඳුණු සමාජ චාරිත්‍ර වාරිත්‍ර

ජපානයේ ආහාර සංස්කෘතිය වෙනමම කතා කළ යුතු මාතෘකාවක් තරමටම විචිත්‍ර වූ සහ පුළුල් වූවක්. ජපන් ජාතිකයන් ආහාර ගන්නේ චොප්ස්ටික් ලෙස හඳුන්වන ලී කූරුවලින් බව ඔබත් දැනුවත් ඇති.
මේ චොප්ස්ටික්වලින් ආහාර ගැනීමේ දී පිළිපැදිය යුතු කාරණා රාශියක් තිබෙනවා. චොප්ස්ටික් එකකින් තවත් චොප්ස්ටික් එකකට කෑම මාරුකර ගැනීම නරක පුරුද්දක් ලෙස ජපන් ජාතිකයන් සලකනවා.
ඒ වගේම කෑල්ලෙන් කෑල්ල කඩා ගන්නවාට වඩා වරකට චොප්ස්ටික් එකට අසුවන ආහාර සියල්ලම එකවර මුව තුළට ඇතුළු කර ගැනීම සුදුසු බව ඔවුන් සලකනවා.
චොප්ස්ටික්ස් දෙකක් එකට ඇතිල්ලීම ද නුසුදුසු ක්‍රියාවක් බව ඔවුන් සිතනවා.
තවත් විශේෂිතම කාරණාවක් තමයි ආහාර ගැනීමේ දී අපි ඉතා නරක පුරුද්දක් ලෙස සලකන දෙයක් මොවුන් ඉතා හොඳ පුරුද්දක් ලෙස සැළකීම.
ආහාර ගැනීමේ දී, විශේෂයෙන්ම සුප්, නූඩ්ල්ස් වැනි ආහාර ගැනීමේ දී තලු ගසමින් එම ආහාරය බුක්ති විඳීම ඉතා යහපත් ක්‍රියාවක් ලෙස ඔවුන් සලකනවා.
673 Views
Comments