ඉංජිනේරුවන් මවිත කළ අසිරිමත් බෞද්ධ විහාරය

බෞද්ධ රටක් වන කාම්බෝජයේ උතුරු පළාතේ ‘සියම් රීප්’ නගරයේ සිට සැතපුම් 3.7 ක් පමණ දුරින් පිහිටි ලොව සුවිසල්ම ඉදිකිරීමක් මෙන්ම ලෝකයේ විශාලතම ආගමික ගොඩනැඟිල්ල වන ‘අන්කොර් වට්’ (Angkor wat, මෙහි wat යනු පන්සල යන්නයි) විහාරය ගැන මේ ලිපියෙන් විමසා බැලේ.
සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව, 12 වැනි සියවසේදී කාම්බෝජයේ දෙවැනි සූර්යවර්මන් රජු විසින් අන්කොර් වට් ඉදිකර තිබේ. විෂ්ණු දෙවියන් වෙනුවෙන් ඉදිකර ඇති අන්කෝර් වට් පසුකාලීනව ථෙරවාද බෞද්ධ විහාරයක් බවට පරිවර්තනය කර ඇති හෙයින් පසුකාලීනව ඉදිකළ බුද්ධ ප්‍රතිමා සහ චෛත්‍යයක්ද එහි දක්නට ලැබේ. කාම්බෝජයේ ජාතික ධජයෙන්ද නිරූපණය වන මෙම අභිමානනීය ඓතිහාසික ඉදිකිරීම අක්කර 400 ක භූමි ප්‍රදේශයක පැතිර තිබේ.
මෙම සුවිශේ්ෂී ව්‍යුහය සංසන්දනාත්මකව ප්‍රමාණයෙන් සමස්ත වතිකානු නගරය මෙන් තුන් ගුණයකටත් වඩා විශාලය. අතීතයේදී ස්වාභාවික උපද්‍රවයන්ට සහ බොහෝ සතුරු ප්‍රහාරයන්ට ලක්ව ඇති එය 1992 වර්ෂයේදී යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස නම් කරනු ලැබූ අතර අවදානම් සහිත ලෝක උරුම ලැයිස්තුවට එක් කරන ලදී.
ප්‍රතිසංස්කරණයන්ගෙන් අනතුරුව 2004 වර්ෂයේදී අන්කෝර් වට් අවදානම් ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී. මෙය අධි තාක්ෂණික යන්තේරා්පකරණ භාවිතයෙන් ඉදිකර ඇති බවට පැහැදිලි සාක්ෂි සාධක හමුුවේ ලෝක වාර්තාවන්ට හිමිකම් කියන නූතන ඉදිකිරීම් වෙරළේ සෑදූ වැලි මාලිගා බඳුය.
ඉන්ජිනේරු විද්‍යාත්මක දෘෂ්ටියේදී, මේ දක්වා ලෝක ඉතිහාසය තුළ ඉදිකරනු ලැබ ඇති කිසිදු ඉදිකිරීමකට අන්කෝර් වට් දෙවෙනි නොවේ. සුපුරුදු සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව වසර 900 කට පමණ පෙර ප්‍රාථමික උපකරණ භාවිතයෙන් ඉදිකරනු ලැබූ බව සඳහන් අන්කොර් වට් සුවිසල් ශෛලමය විහාරයේ විස්මිත අබිරහස් හමුවේ මුළු ලොවම නිහඬව බලා සිටී.
590 Views
Comments