යක්ෂයාගේ උගුර

ඉගුආසු ගංගාවෙන් නිර්මාණය වන මෙම අපූරු දිය ඇල්ල බ්‍රසීල-ආජන්ටිනා දේශ සීමාවේ පිහිටා තිබේ. කුඩා දිය ඇලි 275 කින් නිර්මාණය වී ඇති මෙම දිය ඇල්ල මීටර් 2,700 ක පළලකින් යුක්ත යි. එයින් මීටර් 1,900 ක කොටසක් අයිති වන්නේ බ්‍රසීලයට යි.
ඉගුආසු හි ඇති උසම දිය ඇල්ල මීටර් 82 ක උසකින් යුක්ත වෙද්දී මීටර් 60 ඉක්මවා ගිය දිය ඇලි කිහිපයක් මෙහි දී දැකගන්නට ලැබේ. මීටර් 150 ක් පමණ පළල යක්ෂයාගේ උගුර නම් දිය ඇල්ල ඉගුආසු හි ප්‍රධානත ම දිය ඇල්ල යි. එය ඉංග්‍රීසි U අකුරේ හැඩය ගැනීම විශේෂත්වයකි.
ඉගුආසු ඇල්ල පිහිටා ඇති ප්‍රදේශයේ තිබෙන වටිනාකම තේරුම් ගත් ආජන්ටිනා රජය 1934 දී ඒ ආශ්‍රිත ව ජාතික වනෝද්‍යානයයක් පිහිටුවීමට පියවර ගත්තේය.
එය අනුගමනය කළ බ්‍රසීලය 1939 ජනවාරි 10 වැනි දින වර්ග කිලෝමීටර් 1,700 ක භූමි ප්‍රදේශයක් එකතු කර ජාතික වනෝද්‍යානයක් ස්ථාපිත කළේය. එම ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ටුකන්, හාපි රාජාලියා, කහ ඇනකොන්ඩා, දකුණු අමෙරිකානු ටැපිර්, ජගුවාර්, යෝධ ඇන්ටේටර් වැනි සත්ත්ව විශේෂ ජීවත් වේ.
546 Views
Comments