"ඔයාව මතක් වෙද්දි මගේ හදවත ගැහෙනවා යොහානි මෑම්..!" - යොහානිගේ මූඩ් එක කෑවේ කවුද ? - (PHOTOS)

'මැණිකේ මගේ හිතේ' කියන එකම එක ගීතයෙන් ලොවක් හෙල්ලූ යොහානිව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. 'මැණිකේ' නිසාම ඉන්දියාවට පවා යන්න වරම් ලැබූ මේ පුංචි කෙල්ලට දැන් ලොව පුරා රසිකයින් ඉන්නවා.
පසුගිය දවසක යොහානි අපූරූ ඡායාරූප පෙළක් ඇගේ ඉන්සටග්රෑම් පිටුවේ පළ කර තිබුණා.
ඇය එම පළ කිරීම සමඟ, 'කැප්ශන් එකක් දෙන්න' කියලත් ඉල්ලීමක් කර තිබූ අතර, ඇයට ප්‍රිය කරන රසිකයින් බොහෝ දෙනෙක් ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.
විශේෂයෙන්ම එහි ඇතැම් 'කමෙන්ට්' පළ කර තිබුනේ වෙනත්, වෙනත් භාෂාවලින්. ඒ අතර බොහෝ දෙනෙක් හින්දි බසින් ද විවිධ 'කැප්ශන්' යොදා තිබුණා.
ඒ කියන්නෙ එයාලට මැණිකෙව අමතක කරන්න බැරිවෙලා !
මැණිකේ ජනප්‍රියයි තාම එහේ..!!!
2286 Views
Comments