"දුෂී හතර විදියක් මම එක විදියක්" - මිෂෙල් දිල්හාරා (PHOTOS)

මේ දිනවල සති අන්තයේ ජනප්‍රියම නාට්‍යය ලෙස පොදු ඉහළ ප්‍රතිචාර ලබමින් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා තිබෙනවා. පොදු තුළින් වෙනස්ම චරිතයක් රඟපාන මිෂෙල් දිල්හාරාව සම්බන්ධ කරගත්තේ මේ අපූරු වෙනස ගැන කතා කරන්නමයි.
කොහොමද ජීවිතේ ?
සීතල නුවරඑළියේ ඉන්නේ.
ඒ මොකද ?
ඩ්‍රීම් ස්ටාර් මලිත් හංසකගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝ එක කරන්න ආවා.
ඔබ හරි අඩුවෙන් නේද මියුසික් වීඩියෝ කරන්නේ ?
මම කොහොමත් තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක්. මම හිතන්නේ මේ මගේ පස්වැනි මියුසික් වීඩියෝ එක.
ඇයි මේක තෝරගත්තේ?
මම හිතන්නේ සමාජයට පණිවුඩයක් දිය හැකි යමක් මේ තුළ තියෙනවා කියලා.
රඟපාන්න ඇවිත් කොච්චර කල්ද ?
අවුරුදු 5 ක් වෙනවා.
නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද ?
17 ක විතර රඟපාලා තියෙනවා.
තරුණ නිළියක් කැමැති ප්‍රේමවන්තියගේ චරිතය තුළින් ඉදිරියට යන්න. ඔබ වෙනස් ?
මම කැමැති වෙනස් නිළියක් වෙන්න. සාම්ප්‍රදායික පෙම්වතිය වෙලා ප්‍රේක්ෂකයන් අතරට යනවට වඩා මිෂෙල් දිල්හාරා වෙනස් කෙනෙක් කියලා
සමාජයෙන් ඇහෙනවටයි මම කැමැති.
ඒක අභියෝගයක් නෙවේද ?
දක්ෂ නිළියක් වෙන්න නම් අභියෝගවලට මුහුණ දිය යුතුමයි.
පොදු නාට්‍යයේ දුෂීගේ චරිතය භාරගත්තේ ඇයි ?
දුෂී කියන්නේ වෙනස් කෙල්ලෙක්. මේ චරිතය ඇතුළේ මට හතර ආකාරයකට දුෂීව වෙනස් කරගන්න වෙනවා. ඇත්තටම තිර පිටපත කියෝපුවම මට දැනුණා මේක අභියෝගාත්මක චරිතයක් කියලා.
තිර පිටපත කියවලාමද රඟපාන්නේ ?
අනිවාර්යයෙන්ම. මට රඟපාන්න පුළුවන්, ගැළපෙන චරිතයක් විතරයි මම භාරගන්නේ.
ඒ කියන්නේ චරිත ප්‍රතික්ෂේප කරලා තියෙනවා ?
මට ගැළපෙන්නේ නැහැ කියලා හිතුණ චරිත ප්‍රතික්ෂේප කළා.
මොනවද ඔබට ගැළපෙන චරිත ?
හැම චරිතයකින්ම සමාජයට පාඩමක් දිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද අපි කරන දේ අපතේ නොයා යුතුයි.
ඔබ පරිසර සංවිධානයක ක්‍රියාකාරී තානාපතිවරියක්. ඒ නිසාද මේ ආකාරයට සිතන්නේ ?
මගේ රංගනයත් එක්ක ඒ දේවල් පටලව ගන්නේ නැහැ. මම රඟපාන්නේ මගේ හිතට එකඟ චරිත විතරයි.
ඉතින් කියන්නකෝ ඇයි දුෂීව භාරගත්තේ කියලා ?
ෂර්මිලා ධර්මරාසා මැඩම් මේ තිර රචනය දුන්නම මට මාර කැමැත්තක් ආවා. ඒ වගේම ගයාත්‍රි හීනටිගල සමග කතා කළාම පුදුම ශක්තියක් ආවේ.
දුෂී කියන්නේ හරිම ආවේගශීලි තරුණියක්. ඔබත් ඒ වගේද ?
අපෝ නැහැ. මම දුෂීට වඩා වෙනස්.
නමුත් ඔබ දුෂීට කැමැතියි ?
අපි හැමෝම තුළ හැම චරිතයක්ම පොඩ්ඩක් හරි ගෑවිලා තියෙනවා. ඉතින් මම දුෂී වගේ නොවුණට ළඟින් යන ගතියක් තියෙන්න ඇති.
තවත් හේතු තියෙනවද ?
විශේෂයෙන්ම කලණ අයියා එක්ක මම වැඩ කරන්න කැමැත්තෙන් උන්නේ. අධ්‍යක්ෂතුමියගේ අත්හදා බැලීම්වලට මම කැමැතියි. ඉන්දියානු ආභාසය සිංහල නාට්‍යවලට ගේන්න ඇය ලොකු උත්සාහයක් පොදු තුළින් දරලා තියෙනවා.
පොදු තුළ අමතක නොවන සිදුවීම් තියෙනවද ?
ගිනි වළල්ලක් ඇතුළේ කලණ අයියත් එකක ගීතයක දර්ශනයක් රූපගත කරන්න තිබුණා. මාර රස්නෙයි. අවදානමකුත් තිබුණා. නමුත් හැමෝගේම සහයෝගයෙන් ඒ චරිතය ලස්සනට කළා.
සිනමාවට ආරාධනා නැද්ද ?
මම කැමැති වෙන චරිතයකට ආරාධනා ලැබුණේ නැහැ.
සුනිල් කොස්තා මහතාගේ නාට්‍යවල ඔබට ලොකු ඉඩක් තියෙනවා ?
එතුමා තමා මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. එතුමා ලියන චරිත අතරේ මට හොඳ චරිත ලැබුණා. විශේෂයෙන්ම සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමා. ඇය තමා මගේ ජීවිතේ වෙනස් කළේ.
මෙගා ප්‍රතික්ෂේප කරනවද ?
මම නාට්‍ය බෙදන්නේ නැහැ. ඕනම නාට්‍යයක මට ගැළපෙන චරිතයක් තියෙනවා නම් කරනවා. මම මුලින්ම රඟපාපු සල්සපුනා නාට්‍යයේ කොටස් 600 ක් තිබුණා.
ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් ?
මම පරිසර සංවිධානයක තානාපතිනියක් හැටියට ඉන්නේ ඒ නිසා. මේ දවස්වල පරිසරය ආශ්‍රිතව මගේ දෙවැනි පොත ලියනවා.
තාමත් ඔබේ පෙනුම මුල් නාට්‍යයේ රඟපානකොට තිබූ පෙනුමට සමානයි. මොකක්ද මේ රහස ?
මම යෝගා කරනවා, කරාතේ කරනවා, බොහොම සැහැල්ලුවෙන් හිනාවෙලා පරිසරයට ආදරය කරමින් ජීවත් වෙනවා.
රඟපාන්න නොලැබුණු චරිත තියෙනවද ?
අන්ධ, ගොළු යුවතියකගේ චරිතයක් රඟපාන්න කැමැතියි.
ඔබ චරිතාංග නිළියක් ?
ඔබ එහෙම කියන්නේ මම වෙනස්ම චරිත රඟපාන නිසා. මං කැමැතියි ප්‍රේක්ෂකයෝ මාව ඒ ආකාරයට දකිනවට.
මේ රඟපාපු චරිත අතරේ ඔබේ සැබෑ ජීවිතේ තියනවද ?
නැහැ. මම වෙනස්ම කෙනෙක්.
කවුද ඔබ ?
ඒක මම තාමත් හොයනවා. තව අවුරුදු 20 කින් කියන්නම් මම කවුද කියලා.
ක්‍රිශාන්ත පුෂ්පකුමාර
2206 Views
Comments