ඒ ලෙවල් ප්‍රැක්ටිකල් තිබෙන දවස්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77 කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
පාසල් අයැඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යවා ඇතැයි ද විභාග කොමසාරිස්වරයා දැනුම් දුන්නේය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශපත්‍රය බාගත හැකි බව ද ඔහු සඳහන් කළේය.
455 Views
Comments