උපාධියක වටිනාකම මුදලින් තීරණය කරයි.
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

උපාධියක වටිනාකම මුදලින් තීරණය කරයි.

උපාධියක වටිනාකම මුදලින් තීරණය කරයි.

විවිධ උපාධි පාඨමාලාවන්හි උපාධි අපේක්ෂකයකු සඳහා වසරකට ඇස්තමේන්තුගත පිරිවැය පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.



ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය විය.



ඒ අනුව වසරකට වැඩිම මුදලක් ලෙස දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට රු. 1,712,039 ක් වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5 ක පාඨමාලා කාලයට රු. 8,560,195 ක් ඇස්තමේන්තු කරනු ලැබේ.



දෙවනුව වැඩිම මුදලක් ලෙස රු. 1,522,988 ක් පශු වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 05 ක පාඨමාලා කාලයට රු. 7,614,940 ක් ඇස්තමේන්තු කරනු ලබයි.



එමෙන්ම වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයකු සඳහා රු. 1,010,452 ක් වසරකට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5 ක පාඨමාලා කාලය සඳහා රු. 5,052,260 ක් ඇස්තමේන්තු කරනු ලැබේ.



සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකු සඳහා රු. 720,252 ක මුදලක් වසරකට වෙන් කරන අතර, එම අපේක්ෂකයා වෙනුවෙන් අවරුදු 4 ක පාඨමාලා කාලය සඳහා රු. 2,881,008 ක් ඇස්තමේන්තු කරනු ලබයි.



ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂකයකුට වසරකට රු.705,231 ක මුදලක් වෙන් කරන අතර, අවුරුදු 4 ක කාලය සඳහා රු.2,820,924 ක මුදලක් ඇස්තමේන්තු කිරීමට කටයුතු කෙරේ.



මීට අමතරව කෘෂිකර්ම පීඨයේ උපාධි අපේක්ෂකයකුට වසරකට රු. 686,607 ක්ද, තොරතුරු තාක්ෂණ පීඨයේ උපාධි අපෙක්ෂකයකුට රු.362,994 ක්ද, නීති පීඨයේ උපාධි අපේක්ෂකයකුට වසරකට රු.312,460 ක්ද, ජනමාධ්‍ය සහ ප්‍රාසාංගික කලා උපාධි අපේක්ෂකයකුට වසරකට රු.520,393 ක්ද , කලා /සමාජ විද්‍යා/ මානව විද්‍යා උපාධි අපේක්ෂකයෙකුට රු. 352,475 ක්ද ඇස්තමේන්තු ගත කරනු ලබයි.

views

312 Views

Comments

arrow-up