විවාහ ජීවිතය කියන තරම් රසවත්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

විවාහ ජීවිතය කියන තරම් රසවත්ද?

විවාහ ජීවිතය කියන තරම් රසවත්ද?

The World of the Married කියන්නේ 2020 වසරේදී Jtbc නාලිකාවේ විකාශනය වුනු කොටස් 16 ක දකුණු කොරියානු කතා මාලාවක්. ඒ වගේම දැනට වැඩිම ratings වලට හිමිකම් කියන්නෙත් මේ කතාවයි.


Cast
Kim Hee Ae : Ji Sun Woo
Park Hae Joon : Lee Tae Oh
Han So-Hee : Yeo Da Kyung


Ji Sun-Woo කියන වෛද්‍යවරිය Happy Family Hospital එකේ සහකාර අධ්‍යක්ෂක වරිය. ඒ වගේම නීතිගරුක, ඉවසිලිවන්ත, බුද්ධිමත් කාන්තාවක්. එයාගේ මහත්තයා Lee Tae-Oh චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධයි. මේ දෙදෙනාම වයස අවුරුදු 40 සපිරුණු මැදි වියේ අය.


Lee Joon Young තමා මෙයාලගේ එකම පුතා. එයා බේස්බෝල් ක්‍රීඩාවට දක්ෂයි. ඒ වගේම හරිම හොඳ ළමයෙක්. එයා අම්මත් එක්ක හැම දේම බෙදාගන්න කෙනෙක්.


Yeo Da Kyung කියන්නේ ඒ පලාතේ ලොකුම සල්ලිකාරයා වෙන Yeo Byeong Kyu ගෙ දුව. ඇයට වයස අවු 24 යි. එයාගෙ අම්මා Uhm Hyo Jung. ඇය Miss Korea ජයග්‍රහණය කරපු රූමත් කාන්තාවක්.


ඇය Ji Sun Woo ගෙන් ප්‍රතිකාර ගන්න එනවා. එයා වෛද්‍යවරියට ඇයගෙ සිතුවම් ප්‍රදර්ශනේට ආරාධනා කරනවා. ඇය ඒ ගැන තැකිමක් නොකෙරුවත් අවසානයේ ඇගේ සැමියා ප්‍රදර්ශනයට යන්න සූදානම් වෙනවා. ඇය ඒ අවස්ථාවෙ සැමියට කියනවා ඇයටත් ආරාධනා කලා එයත් එන්නද කියලා.


ඉතිං ඇයත් සමඟ ගියත් ඔහු ඇයට අවවාද කරනවා එයාගෙ ජිවිතයට වැදගත් අවස්ථාවක් නිසා වැඩිය මැදිහත් වෙන්න එපා කියලා. අන්තිමේදි සැමියා සවුත්තු වෙනවා බලන් ඉන්න බැරි තැන ඇය ඉදිරිපත් වෙනවා.


ටික ටික ඇයට සැමියා ගැන සැකයක් තිබුනත් ඇය කලබල වෙන්නේ නැහැ. ඇය සාක්කි හොයනවා. ඒකට එයාගෙන් ප්‍රතිකාර ගන්න එන රෝගියෙක් ගෙනුත් උපකාර ගන්නවා. ඇයගේ සැකය තහවුරු කර ගන්නා විදිය හරිම බුද්ධිමත්. මුලින්ම ඇය වටා ඉන්න හැම කාන්තාවක් දිහාම ඇය බැලුවෙ සැකෙන්. වංචාකරන පුද්ගලයෙක්ගේ හැසිරීම් ගැන දන්නා ඇයගේ රෝගී තරුණිය ඇයට උපදෙස් ලබාදෙනවා.


බලන්න හරිම ලස්සන සමාජයේ බහුලව පවතින ප්‍රශ්නයක් වටා තමයි කතාව යන්නේ.

views

297 Views

Comments

arrow-up