ශිෂ්‍යත්වය සමත් සිසුන් පාසල් වලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට 182 ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 180 ක් සහ කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 179 ක් ලෙස දැක්වෙන අතර කොළඹ විශාකා විද්‍යාලයට ලකුණු 181 ක් සහ දේවි බාලිකා විද්‍යාලයට ලකුණු 178 ක් මෙන්ම, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ලකුණු 177 ක් ලෙස කඩඉම් ලකුණු දක්වා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම කඩඉම් ලකුණු මත පාසලක් ලැබී නොමැති හෝ වෙනත් අසාධාරණ හේතූන් මත ලැබිය හැකි පාසල වෙනස් කරගැනීමට අවශ්‍ය සිසුන්ට ඊට අදාළල අභියාචනා මැයි 01 සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත සෘජුව හෝ මාර්ගගත වැඩසටහන හරහා යොමු කළ හැකි බවයි.
383 Views
Comments