SEP
09
නාමල්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ඇමතිවරුන් හදිසියේ හමුවේ

ඊයේ (08) පස්වරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්විණ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.
මේ අතර, නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු ඊයේ පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අතර සමගි ජන බලවේගයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ද වීම විශේෂත්වයක්.
211 Views
Comments