රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර කියයි

රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර කියයි

 

ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව  විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්  බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජාජබ) පැවසීය.

 

 

රටේ සියලු ජනතාව එලෙස ඒකාබද්ධ කරන්න නම් ජනතාවගේ වරමින් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවද එසේ කළහොත් ජනතාව රටෙි ප්‍රශ්න විසඳීමට වසරක් දෙකක් පමණ ආණ්ඩුවට කාලය ලබා දෙනු ඇති බවද අනුර දිසානායක මහතා කීය.

 

 

වත්මන්  ජනාධිපති තෝරාගෙන තිබෙන්නේ ජනතාව විසින් නොවේ යැයිද එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හැදීම  ජනවරමට පටහැනි යැයිද අනුර දිසානායක මහතා කීය.

views

227 Views

Comments

arrow-up