දිවුරුම් දී පැයකින් කැලේ එපා කියූ චානක විදුලිය ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක තමන්ට ඊයේ(8) ලැබුණු වනජීවි හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය ඇමැති ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඇමැති ධුරයේ දිවුරුම්දී පැයක වැනි කාලයකදී මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
ඒ අනුව ඩී. වී. චානක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැතිධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධද ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම් දුන්නේය.
විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකරයි.
219 Views
Comments