ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යවයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යවයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මට්ටමින් මුද්‍රණය සඳහා භාරදීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.

 

එම කොමිසම සඳහන් කළේ සිය පාර්ශවයෙන් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර මේවනවිට ගනිමින් සිටින බවයි. 

 

මේ අතර මැතිවරණ කොමිසම මගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර සකස් කර ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යොමු කිරීමෙන් අනතුරුව එම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් බව රජයේ මුද්‍රණාලය පවසනවා.

 

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කඩදාසි තොග සිය ආයතනය සතුව පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ කියාසිටියේ.

 

පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදු කෙරෙන බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.

 

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

views

207 Views

Comments

arrow-up