ජනපති-අගමැති වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිති

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ රජය පෙනී සිටින බව කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රටේ නිලධාරීන් ජාතිය ගැන සිතා නීතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක කරන්නේ නම් රජය එම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
මීගමුව කලපුව ආශි‍්‍රතව ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා පැවැත්වූ සාකච්ඡාවකදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට තරම් හේතුවක් නොමැති බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සංවාදයක යෙදුණා මිස වරදකාරී අයුරින් හැසිරී නොමැති බවද කැබිනට් ප‍්‍රකාශකවරයා කීවේය.
775 Views
Comments